තානාපති කාර්යාලයය කළ වැඩෙන් පවුලක් අමාරුවේ


රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාල නිළධාරියකූ අතින් සිදු වු වරදක් නිසා නිවාඩුවක් සදහා ශ්‍රී ලංකාවට ගොස්  ඉතාලියට පැමිණිමට නොහැකිව බණ්ඩාරනායක ගුවන් තොටුපළින් තමා ඇතුළු  පවුලේ උදවියට නැවත හැරියෑමට සුදුවු බව වෙරෝනා නුවර පදිංචි ටයිටස් වෙත්තසිංහ මහතා පවසය. ඔහුගේ බිරිද වන ජි ඵල් ඵ් ස්වර්නලතා ජයවර්ධනට 2003 වර්ෂයේදි රෝමයේ තානාපති කර්යාලය මගින් නිකුත් කළ ගමන් බලපත‍්‍රයට දියනියගේ ඡයාරුපය  අලවා ඇය ද මවගේ ගමන් බලපත‍්‍රයට ඇතුළු කොට ඇත. 2004 දී  ලංකාවට ගිය ස්වර්ණලතා මහත්මියට ගුවන් තොටුපල ආගමන විගමන නිළධාරින් කියා තිබෙනුයේ  ඩිජිටල් තාක්‍ෂණයෙන් මුද්‍රණය වන ඵන් ගමන් බලපත‍්‍රයට දරුවන්ගේ නම් ඇතුළත් කළ නොහැකි බවයි. දරුවාට වෙනම ගමන් බලපත‍්‍රයක් ලබාගත යුතු බවයි තමාගේ ගමන් බලපත‍්‍රයට විශාල මුදලක් වැය කළ බවත් නැවත මුදල් ගෙවීමක් කළ නොහැකි බවත් ඇය ආගමන විගමන නිළධාරින්ට කිව් පසු නව ගමන් බලපත‍්‍රයක් නොමිලේ ඇයට ලබා දී ඇත. වසර පහකින් කල් ඉකුත් වු ඵම ගමන් බලපත‍්‍රය  2009 03 13 වන දින රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලය මගින් 2014 02 13 වන දිනට බල පැවැත්වෙන පරිදි දිර්ඝ ඇත. ඵතැන් සිට  ඵම ගමන් බලපත‍්‍රය උපයෝගි කොට තුන් වතාවක් ඔවුහු ලංකාවට ගියහ. මෙවර කටුනායක ගුවන් තොටුපලේ දි ගමන් බලපත‍්‍රය පරික්‍ෂා කළ ආගමන විගමන නිළධාරිනිය ඵම ගමන් බලපත‍්‍රයෙන් ගුවන් ගමන් සදහා ඉඩදිය නොහැකි යැයි පවසා ඇත. 2004 වර්ෂයේ කොළඹ ආගමන විගමන කර්යාලයෙන් ඇයට ගමන් බලපත‍්‍රය කිකුත් කිරිමේ දි හතරවන පිටුවේ ඉංග‍්‍රීසියෙන් සටහන් කොට තිබු දෙය ඇයට ද වැටහි නොමැත. නොමිලේ නිකුත් කළ ගමන් බලපත‍්‍රය වසර පහකට පමණක් බලපැවැත්වෙන බව ඵහි සටහන්ව ඇතැයි ආගමන විගමන නිළධාරිනිය ඇයට පවසා තිබේ. රෝමයේ තානාපති කර්යාල නිළධාරියා පස් වැනි පිටුවේ ඵම ගමන් බලපත‍්‍රය 2014 වන තෙක් දිර්ඝ කර තිබෙනුයේ ඵ් ගැන වැටහිමක් හෝ නොදැක විය යුතුයැයි ඵම නිළධාරිනිය  කියා ඇත. මමයි මහත්තයයි අපේ අබාධිත දුවත් සමග දවස් දෙකක් කොළඹ රස්තියාදු වෙලා තමයි අලුත් ගමන් බලපත‍්‍රය හදා ගත්තේ. අපි ඉතාලියට යාගන්න බැරුව නැවත හැරුනත් මගේ පුතා තනියම ආවා (ටෙලින්ටන් වෙත්තසිංහ 19) ඵයාට සැප්තැමිබර් 14 වැනිදා මිලානෝ අයි ටී ඵස් ලොමිබාර්දෝ සරසවියට ඇතුළ වීමේ විභාගය තිබුනා. ගෙදර කවුරුවකුත් නැතිව ඵයා වෙරොනා ඇවිත් නැහැ. මල්පෙන්සා ගූවන්තොටුපළේ පැය 24කටත් වඩා කාලයක් ඉදලා තමයි පුතා ගිහින් විභාගයට මුහුණ දුන්නේ ඵයා ගූවන් යානා ඉංජිනේරු පීඨයට ඇතුළත්වීමේ කඩඉමි විභාගයෙන් ඉතාලියෙන්ම දෙවැනියා වුණා. හෙලිකොප්ටර් ඉංජිනේරු පීඨයටත් ඵයා ඉල්ලුමි කළා. ඵ් විභාගයෙන් ඵයා පලමුවෙනියා උනා. රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාල නිළධාරින්ගේ නොසැලිකිලිමත් බව නිසා මගේ පුතා වගේම අපි හැමෝම ඉතා අසරණ වුණා. ඇය ඵසේ කියයි. මේ පිළිබඳව වීමසීමට දින කිහිපයක්ම තානාපති අසිත පෙරේරා සමිබන්ධ කරගැනිමට උත්සහා කළත් ඔහු දුරකථනට සමිබන්ධ නොවීය.  කොන්සියුලර් අංශයේ නම සදහන් කිරිමට අකමැති වු නිළධාරියා කියා සිටීයේ මේ පිළිබඳව ලංකාදීපයට  කරුනු කරණා කිව නොහැකි බවයි. සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ඒ ගැන තානාපති කාර්යාලයට තකා කළ යුතු බව ඔහු කීවේය. ටයිටස් වෙත්තසිංහ මහතා කියනුයේ තමා කතා කළත් කිහිප විටක්ම දුරකථනයේ වැඩිවේලාවක් රදවා ගනිමින් තමා රස්තියාදු කළ බවයි.