තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගත් නාඩගමේ ඇත්ත


(නාලක සංජීව දහනායක)
 
ස්ව්ස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගියායැයි කියනු ලබන නාඩගමේ අලගිය මුලගිය තැන් ළඟදීමට රටට හෙළිකරන බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා අද (7) පැවැසීය.  
 
එම කුමන්ත‍්‍රණයේ සුලමුල ආණ්ඩුව මේ වනවිට හෙළිකරගෙන තිබෙන බව කී අමාත්‍යවරයා ඊට අදාළ සී.සී.ටී.වී දර්ශන ද සහිතව අදාළ තොරතුරු ළඟදීම රටට හෙළි කරන බවද අමාත්‍යවරයා කීය.
 
මීගමුව නගර ශාලාවේ දී අද  (7)  පැවැති මීගමු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
 
 අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා අලූත් ආණ්ඩුව අප‍්‍රසාදයටපත් කරන්න දේශීය හා විදේශීය කුමන්ත‍්‍රණයක් මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් තිබෙවනවා.  ඒ පිටුපස බටහිර රටවල් හා දෙමළ ඩයස් පෝරාවත්, රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන පක්‍ෂ කිහිපයක් ඉන්නවා. ස්ව්ස්ටර්ලන්ත තනාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගිය බව කියන්නේ ඒ අයයි.
 
 එම නිලධාරිනයගේ කටට පිස්තෝලය ඔබල පැහැරගෙන ගියබව රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමා පසුගියදා මාධ්‍යයට කිව්වා. නමුත් එවැන්නක් සිදුවෙලා නැති බව පරීක්‍ෂණ මෙහෙයවන කණ්ඩායම් කියනවා. එහෙමනම් රාජිත සේනාරත්න මෙහෙම ප‍්‍රසිද්දියේ කියන්නේ කොහෙමද? ඒ පිළිබදව වහා පරීක්‍ෂණයක් කළ යුතුයැයිද අමාත්‍යවරයා කීය.