තාත්යි දුවයි මරුට


අනුරාධපුර පුත්තලම් මාර්ගයේ අන්දර වැව පොලිස් මුරපොළ අසලදී  අයිස් පැටවු ලොරියක් හා බස් රථයක් ගැටීමෙන් ලොරියේ සිටි අවුරුදු තුනහමාරක දියණිය හා පියා (32) මිය ගොස් මව හා  අවුරුදු එකහමාරක දරුවා රෝහල් ගත කළ බව නොච්චියාගම පොලීසීය කියයි.

බස් රථය පොලීස් අණින් නතර කරනවාත් සමඟම පසුපසින් ආ ලොරිය එහි ගැටී ඇත.

මිය ගිය පියා කෝකිලාහි ධීවරයෙකි.

මීගමුවේ මඟුල් ගෙදරක ගොස් ආපසු එමින් සිටියදී මේ අනතුර සිදු වී ඇත.