තාක්ෂණ විෂය ධාරාව එක් වෙයි


2013 වසර සදහා  ශ්‍රී ලංකාවේ පාසල්හි  උසස් පෙළ සිසුන් සදහා  තාක්ෂණ විෂය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලේ දී අද ඇරැඹිනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ   ප්‍රධාන උත්සවය  දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න  රණතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේදී  පැවැත්විණි.

විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩසටහන සංවිධානය කර තිබිණි.

නව තාක්ෂණවේදී විෂය ධාරාව යටතේ ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව
පද්ධති තාක්ෂණවේදය ලෙස විෂයයන් දෙකකි. ඉන් එක් විෂයක් උසස් පෙළ අධ්‍යයනය සඳහා තෝරා ගැනීමට සිසුන්ට හැකියාව ඇත. තාක්ෂණවේදය සහ විද්‍යාව දෙවන විෂය වන අතර එය අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

තුන්වැනි විෂය කොටස යටතේ වාණිජ හා කලා විෂය 10ක් ඇතුළත් වන අතර ඉන්එක් විෂයක් තෝරා ගෙන හැදෑරීමට සිසුනට අවස්ථාව හිමි වේ.