ත්‍රී රෝද ව්‍යාපාරිකයාට ලක්ෂ දෙකක් දඩ


රුපියල් ලක්ෂ 60 ක් වටිනා  විදේශීය හා දේශීය මුදල් තම ගමන් මලු වල සගවාගෙන සාජා බලා යාමට පැමිණි ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 2 ක දඩ නියම කළ රේගුව එම මුදල් රාජසන්තක කළේය.

මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කළේය.

මෙසේ දඩ නියම වුයේ කොළඹ මරදාන ප්‍රදේශයේ ත්‍රී රෝද රිය අමතර කොටස් මෙරටට ගෙන්වීමේ නිරත ව්‍යාපාරකයෙකුටය.