ත්‍රී රෝද අනතුරින් අයෙක් මරුට


( ජුඩ් සමන්ත)

මදුරන්කුලිය - කොත්තන්තිව් මාර්ගයේ දී ත්‍රී රෝද රථයක් පෙරළී ගොස් නවතා තිබූ ලොරියක ගැටීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි මුන්දලම පොලීසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ රියදුරු වන තොඩුවාව - කජුවත්ත පදිංචි වෑවලගේ සුනිල් ලක්ෂාන් (19) නමැත්තෙකි. ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි අයකු පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

තරුණයින් පිරිසක් මදුරන්කුලිය ප්‍රදේශයේදී රා පානය කිරීමෙන් පසු දෙදෙනකු යතුරු පැදියකින්ද තවත් දෙදෙනකු ත්‍රී රෝද රථයෙන්ද ගමන් කර ඇති බවත් අධික වේගයෙන් ගමන් කරමින් තිබී ඇති ත්‍රී රෝද රථය එක් වරම මාර්ගයේ පෙරළී ගොස් වට දෙකක් කැරකී ගොස් ඉදිරියෙන් නවතා තිබී ඇති ලොරියේ ගැටී ඇති බවත් මූලික විමර්ශන වලදී හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.