ත්‍රිමල හිටපු කොටි නායක නිදහස්


යුද හමුදා කඳවුරුවලට හා සෙබළුනට පහර එල්ල කිරීමේ චෝදනා යටතේ දෙවසරක් තිස්සේ ත්‍රිකුණාමල මහාධිකරණයේ නඩුවකට මුහුණදුන් ත්‍රිකුණාමල හා පළම් පටාර් හිටපු සන්නද්ධ කොටි නායක සුබ්‍රමනියම් වරදනාදන් (පදුමන්) මහාධිකරණ විනිසුරු ආර් අමල් රණරාජා විසින් අද නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

2001 ජූලි 01 වැනිදා සිට 2001 දෙසැම්බර 31 දක්වා කාලයේ පාලම් පාටර් කොටි නායක වශයෙන් සිටි විත්තිකරු සිදු කළ ප්‍රහාර හා ඝාතන  සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර තිබිණි.

 ඔහුගේ පාපොච්චාරණය පමණක් ඔහුට එරෙහි සාක්කි වශයෙන් ඉදිරිපත් කළ අතර එහි ඇති දුර්වලතා සැලකිල්ලට ගෙන මාහාධිකරණ විනිසුරු විත්තිකරු නිදොස්කොට නිදහස් කළේය.