(සිතුම් චතුරංග)
වවුනියාව, කනගරායන්කුලම, පුදුවිලන්කුලම ප්‍රදේශයේ මියගිය අලියකුගේ සිරුරක් අද (3) උදෑසන සොයා ගත් බව ප්‍රදේශවාසීහු පවසති.
දින කිහිපයකට ඉහතදී මෙම අලියා මියගොස් ඇති බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.
වවුනියාව වනජීවි කාර්යාලය ස ඳහන් කර සිටියේ මාස පහක් පමණ වන අලි පැටවකු මෙලෙස මියගොස් ඇති බවත් මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය නොවූ බවයි.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව මරණයට හේතුව සොයා ගත හැකිවනු ඇතැයිද පැවසීය.
කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය බි.ගිරිදරන් මහතා විසින් අලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.
අලියාගේ මරණය සම්බන්ධයෙන් වවුනියාව වනජීවි කාර්යාලය වැඩිදුර විමර්ශන සිදුකරයි.



