(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් තරග කරන එහි නායක ඒ.එස්.පී. ලියනගේ මහතා අද (2) ඇප තැන්පත් කළේය.
ඊට අමතරව ස්වාධීනව තරග කිරිම සඳහා එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය හා ඌව ප්‍රධාන අමාත්‍ය සමරවීර වීරවන්නි හා හිටපු අමාත්‍ය අශෝක වඩිගමංගාව යන මහත්වරු රාජගිරිය මැතිවරණ කාර්යාලයේ දී ඇප තැන්පත් කළේය.



