තවත් අලි උද්ඝෝෂණයක්


උස්ගලසියඹලන්ගමුවේ දී ඉකුත් 25 වැනි දා වල් අලි ප්‍රහාරයක් කන්තාවක මිය යෑමෙන් පසු දහසක් පමණ පිරිසක් අද පෙරවරුවේ කුරුණෑගල අනුරාධපුර මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ. තම ගම් බිම් අලි උවදුරින් බේරා දෙන්නැයි ඔවුහු ඉල්ලති. උස්ගල සියඹලන්ගමුවේ සිට ට්‍රැකටර්වලින් ගල්ගමුව  අමුණකොළ හන්දියට ආ ඔවුහු එහිදී මාර්ගය හරස් කැරගෙන උද්ඝෝෂණය කරති