තව පෙත්සමකට මහ උසාවිය අවසර දෙයි.


ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියේ විභාගයට ගෙන ඇති දෝෂාභියෝගයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් අද අවසර දුන්නේය. ගාමිණී අමරසිංහ, ප‍්‍රියසාද් ඩෙප් සහ ඊවා වනසුන්දර විනිසුරුවන්ගෙන් මෙම මණ්ඩලය සමන්විත විය.