තව තරුණයෝ 30ක් ඕස්ට්‍රේලියාවෙන් නෙරැපෙති
දින දෙකක් ඇතුළත ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ දෙවන ශ්‍රී ලාංකික කණ්ඩායමේ තරුණයෝ තිස් දෙනෙක් එරට ආගමන විගමන නිලධාරීන් හා පොලිස් නිලධාරීන් විසින් කටුනායකින් දිවයිනට ගෙනඑනු ලැබූහ.
ඕස්ට්‍රේලියා සරණාගතයන් දකුණු පැසිපික් සාගරයේ නාවුරු දූපත් කඳවුරුවලට යැවීමේ නව ආගමන විගමන පිළිවෙත ඇරැඹුවේ අගෝස්තු 31 වැනිදාය. එතැන් සිට නාවුරු යාම ප්‍රතික්ෂේප කළ ලාංකිකයෝ 196 දෙනෙක් පිටුවහල් කරනු ලැබ ලංකාවට පැමිණියහ.
ඕස්ට්‍රේලියා රජය මගින් දෙනු ලබන රුපියල් හාර ලක්ෂ තිස් දහසක මුදල හෝ සරණාගතයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය දෙනු ලබන කිසිදු වරප්‍රසාදයක් මේ පිරිසට හිමි නොවේ.
රාජ්‍ය බුද්ධි සේවා ඒකකය කරන ලද විමර්ශනවලින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබූ මේ පිරිස අධිකරණයට ඉදිරිපත් කැරිණි.

