තලවතුගොඩ ගින්නකට අසු වූ පහක් බේරා ගැනෙති


(කේ. බුද්ධික කුමාරසිරි

තලවතුගොඩ මංසන්දිය ආසන්නයේ අවන්හලක අද (09) දින උදෑසන හදිසියේ ඇති වු ගින්නකට මැදි වී පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුලත් කළ බව තලංගම පොලිසිය පවසයි.

ගිනි නිවීම් භටයින්ගේ මැදිහත් වීමෙන් ගින්න නිවා දමා පාලනය කිරීමට සමත්ව ඇත.

ගින්න හට ගත් අවස්ථාවේ අවන්හල තුල සිරවී සිටි තවත් තිදෙනෙකු ගිනි නිවන භටයින්ගේ මැදිහත් වීමෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වී ඇත.

අදාල ගින්න පාලනය සදහා කොළඹ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීම් රථ තුනක් යෙදවූ බව තලංගම පොලිසිය පවසයි.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් නිසා ගින්න හට ගන්නට ඇති බවට සැක කරන බව තලංගම පොලිසියේ උසස් නිළදාරියෙකු පැවසීය.