හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට කෝටිපති කාන්තාවකගෙන් රුපියල් 20 ලක්ෂයකට අධික මුදලක් ගත්තැයි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් තලංගම පොලිස් ස්ථානාධිපති සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් සාමාජිකයන් සිව් දෙනා මීට ටික වේලාවකට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතාගේ නිල මැදිරියට ඉදිරිපත් කරනු ලැබීය.

