(යොහාන් භාසුර)
ජාතික තරුණ සේවා සභාවේ නම හා ලාංඡනය භාවිතා කරමින් සංවිධානාත්මක පිරිසක් ජපන් භාෂා පාඨමාලාවක් සඳහා යැයි පවසමින් ලියාපදිංචි සහ පාඨමාලා ගාස්තු පෞද්ගලික බැංකු ගිණුමකට යොමුකරන ලෙස ක්‍රියාත්මක කළ කූඨ ව්‍යාපාරයක් පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති බි්‍රගේඩියර් ආචාර්ය තිරාන් ද සිල්වා මහතා පැවසීය.
ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලා සඳහා පෞද්ගලික ගිණුම්වලට මුදල් තැම්පත් නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විවිධ දැන්වීම් සහ සමාජය මාධ්‍ය හරහා මෙම කූඨ ව්‍යාපාරය පිළිබඳ ප්‍රචාරයන් ක්‍රියාත්මක බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.