(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත කුලරත්න)
කොට්ටාව විද්‍යාල හංදියේදී තරුණයකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය කොල්ලකෑවැයි මාලබේ පොලිසියට අනුයුක්ත පොලිසියේ සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි.
සැකකාර පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු වන බව පොලිසිය කියයි.
කොස්තාපල්වරුන් තිදෙනාගෙන් අයකු පොලිස් විශේෂ කාර්යාංශයේ මාලබේ පොලිසියට අලුත් අයකු බවත් නිලධාරියෙක් පැවැසීය.
කොල්ල කෑමට යොදාගත් ත්‍රීරෝද රථයක් සහ කොල්ල කන ලද රන් මාලය සහ ජංගම දුරකථනය පොලිසිය මඟින් සොයාගෙන ඇත
වලස්මුල්ල වීරකැටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු ඉකුත් 20 වෙනි දින කොට්ටාව විද්‍යාල හංදියේ පිහිටි සිය සහෝදරියගේ නිවසට පැමිණ එම නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදී
ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම සැකකරුවන් සිව්දෙනා තරුණයා අසලට පැමිණ ඔහු කර බැඳි රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා පලාගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි

