තරග උපක‍්‍රමයක් ලෙසින් නායකත්වය සංගාට පැවරෙයි


ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර අද (1 වැනිදා) පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගයේදී නායකත්වය කුමාර් සංගක්කාරට පැවරිණ. තරග උපක‍්‍රමයක් ලෙසින් ශී‍්‍ර ලංකා පිල මෙම පියවර අනුගමනය කළේය. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයේදී නියමිත කාලය තුළ  ඕවර 20 නොයැවීම නිසා නායක මහේල ජයවර්ධනට තරග මුදලින් 20% ක දඩයක් පනවන ලද අතර ඊයේ තරගයේදීත් එවන් සිදුවීමකට මුහුණ දීමට සිදුවූයේ නම් මහේලට ඊළග තරගය තහනම් වේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නීති රීතිවලට අනුව වසරක කාලයක් තුළදී එවන් දඩ දෙකකට යටත් වුවහොත් ඊළ`ග තරගය තහනම් වන අතර මහේල එවන් තත්ත්වයකට මුහුණ දුනහොත් අවසන් පූර්ව තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවේ. මේ වසරේ ජූලි මස 3 වැනිදා පාකිස්තානයට එරෙහිව හම්බන්තොටදී පැවැති විස්සයි20 තරගයේ නායකයා ලෙස කටයුතු කළ ශ‍්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් ද මන්දගාමීව පන්දු යැවීම හේතුවෙන් දඩයකට යත්වී තිබීම නිසා මැතිව්ස් ද නායකත්වයෙන් ඉවත්ව සිටියේය.