තඹුත්තේගම කොල්ලයේ මන්ත්‍රීගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි


 

(යොහාන් භාසුර)

තඹුත්තේගම ප්‍රදේශයේදී සිදුවූ කෝටි දෙකක මුදල් මංකොල්ලයට සම්බන්ධ යැයි අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජාංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය.

එම සිද්ධියට නිෂ්චිත වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පත්ව සිටින බව කී කාරියවසම් මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බව ද සදඟන් කළේය.

පොලිස් විමර්ෂණවල ප්‍රගතිය අනුව ඉදිරි කාලයේදී ඔහුට එරෙහිව චෝදනාවක් තිබේ නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයෙන් ද ඉවත්කිරීමට කටයුතු කරන බව ද ලේකම්වරයා කීය.