තඹුත්තේගම කොල්ලය වැළැක්වූ බුද්ධිකට උසස්වීමක්


 

(යොහාන් භාසුර)

තඹුත්තේගමදී බැංකු කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ රු ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වීමට ඔහු සමත් විය.