තමිල්නාඩු ගමන් තහනම ඉවරයි


ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සංචාරය නොකරන ලෙස රජය ශ්‍රී ලාංකිකයනට නිකුත් කළ උපදේශනය අද (9) සිට ඉවත් කළ බව විදේශ අමාත්‍යාංශය කියයි මේ වන විට ලාංකිකයින්ට සංචාරය  කළ හැකි සුදුසු හා ආරක්‍ෂාකාරී වටපිටාවක් තමිල්නාඩුවේ පවතින බවත්, තමිල්නාඩුවට පැමිණෙන ලාංකිකයින්ගේ ආරක්‍ෂාව සුරැකීමට මිල්නාඩු ප‍්‍රාන්ත රජය හා තමිල්නාඩු මහ ඇමැතිනිය දුන් සහතිකය හේතුවෙන් එම සංචාරක උපදේශනය ඉවත් කළ බව එම අමාත්‍යාංශය කියයි. තමිල්නාඩු ප‍්‍රාන්තයේ තාන්ප්වුර් හි පූර්ණිමාතා පල්ලිය නැරඹීමට ගිය ලාංකික බැතිමතුන් 184 ක් යුතු නඩයකට එල්ල වූ ප‍්‍රහාරයක්, ඇතුළු තමිල්නාඩුවේ සංචාරය කළ ලාංකිකයින් කීප අවස්ථාවකදීම මුහුණ පෑ අප‍්‍රසන්න සිදුවීම් සැලකිල්ලට ගනිමින් ඉකුත් සැප්තැම්බර් 03 වැනිදා සිට විදේශ අමාත්‍යාංශ කියා සිටියේ එහි නොයන ලෙසයි.