තමිල්නාඩු කඳවුරෙන් 63ක් ආපසු ගමට


දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වූ තවත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයෝ හැට තුන් දෙනෙක් කටුනායකින් දිවයිනට රැගෙන එනු ලැබූහ. කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවූහු යුද සමයේ මන්නාරම, තලෙයිමන්නාරම මුහුදෙන් බෝට්ටුමගින් දකුණු ඉන්දියාවට පළා ගියහ. පවුල් 20ක ගැහැණු 27ක් ද අද පැමිණි පිරිසේ වෙති. වසර 2 සිට 10 දක්වා කාලයක් ඔවුහු දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වූහ.