තනපට අස්සෙන් කුඩු එළියට


කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් සිට මහනුවර නගරයට හෙරොයින් බෙදා හැරි බව කියන ‘කුඩු රැජින’(29 ) හෙරොයින් ග‍්‍රෑම් 4 865 ක් සමඟ කටුගස්තොට පොලිසිය මගින් මහනුවර නගරයේදී අත් අඩංගුවට ගනු ලැබීය.

ඇය අත් අඩංගුවට පත් වන අවස්ථාවේ සිය තනපට අස්සේ කුඩු සඟවා තිබු බව  පොලීසිය කියයි.

සැකකාරිය මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිපත් කිරීමට නියමිතව තිබේ .