තංගල්ල සභාපති අත්අඩංගුවට


විදෙස් කාන්තාවක දූෂණය කැර ඇගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

කෝට්ටේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රහස් පොලිස් කණ්ඩායමක් විසිනි. වරෙන්තු පිට සිටි ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.