පසුගිය ජනවාරියේ සිට විවාහක කතකගෙන් (37) රුපියල් ලක්ෂ පහමාරක් කප්පම් කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට බේරුවල මදනාගොඩ කොන්ත්‍රාත්කරුවකු (39) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම කාන්තාවගේ සැමියා හෝටලයක අනාචාරයේ යෙදෙන බවත්, ඔහු අතටම අල්ලා දිය හැකි බවත් කියමින් ඇය හෝටලයක කාමරයකට රැගෙන ගොස් ජංගම දුරකතනයෙන් පින්තූර ගෙන වරින්වර කප්පම් කෑම සඳහා එම පින්තූරය යොදාගෙන ඇතැයි පොලිසිය කියයි.
කප්පමට අමතරව වෙනත් ප්‍රයෝජනද ලබාගෙන ඇතැයි පොලිසිය පවසයි. ඔහුට කප්පම් ගෙවීම සඳහා ඇය ණයටද මුදල් ගෙන ඇත.
සැකකරු අද කළුතර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.