ණයට කාලා බිල නොගේවා හිරේ යයි


කොළඹ පාර්ක් වීදියේ හෝටලයක බිරිය හා දරුවන් සමඟ නතර වී රුපියල් 701759ක් වංචා කළ ජෝන් රියාස් පීටර්ට හය මාසයක සිර දඬුවමක් නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඔහුට රුපියල් 3000ක දඩයක් ද නියම කළේය.

2010 ජනවාරි 13 සිට පෙබරවාරි 29 දක්වා හෝටලයේ නතර වී සිටි ඔහු නඩුවට නොපැමිණි නිසා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කැරිණි.