(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී තම ණය හිමියන් අතර සමානාත්මතාවය සහතික කරනු ඇතැයි ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව බී.එන්.එන් බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.
ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය හෙට (23) නිව් යොර්ක් වේලාවෙන් උදෑසන 8ට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම පිළිබඳ ශ්‍රී ලංකාවේ බාහිර ණය හිමියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ දැනුවත් කරනු ඇතැයි එම පුවත් සේවය ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමති බවට සහතිකයක් ණය හිමියන්ගෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.

