ඩෙන්මාර්ක් රැකියා දෙන්න ගිහින් රිමාන්ඩ්


ඩෙන්මාර්කයේ රැකියා දෙන බව කියමින් කොටුගොඩ නැදගමුවේ කාර්යාලයයක් පවත්වාගෙන යමින් 50 දෙනකුගෙන් රුපියල් ලක්ෂ 25 ක් පමණ වංචා කළැයි සැකපිට ලක්ෂ්මී දීපිකා බාලසූරිය නම් කතක ගම්පහ මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා විසින් ලබන 26 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඇය ළඟ තිබී විදේශ ගමන් බලපත් 46 ක් ද අත් අඩංගුවට ගැනිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ සේවා ඒකකය ඇය අධිකරණයට ඉදිරිපත් කළේය.

ඇයට එරෙහිව පැමිණිලි 19 ක් ලැබී ඇත.