
(සුජිත් හේවාජුලිගේ)
ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 46,037 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද‍්‍ය කපිල කන්නංගර මහතා පවසයි.
දෛනිකව ඩෙංගු රොගීන් 600ත් 650ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවද වැඩබලන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
ජූනි මාසයේ පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 12,196 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන් කළ වෛද්‍ය කපිල කන්නංගර මහතා එය මාසයක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බවද පැවසීය.

