ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි


(රංජන් කස්තුරි)

මේ වසරේ ගෙවීගිය කාලය තුළ ඩෙංගු රෝගීන් එක්ලක්ෂ පන්දහසක් පමණ වාර්තා වී ඇතැයි ද 301 දෙනකු මියගොස් ඇතැයි ද ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි.

බස්නාහිර,මධ්‍යම,වයඹ,සබරගමුව සහ දකුණ යන පළාත් පහේ ඩෙංගු අවදානමක් ඇතැයි එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා කියයි.

දිවයිනේ ප්‍රදේශ ගණනාවකම තවදුරටත් ඩෙංගු උණ රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් පුත්තලම ,මාතලේ , උකුවෙල, බදුල්ල සහ හාලිඇළ යන ප්‍රදේශවල අලුතින් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන බව ද ඒ මහතා කියයි.