ඩෙංගු මඬින්න සෞඛ්‍ය අමාත්‍යාංශයට නිසි බලධරයෙක්


(රංජන් කස්තුරි)

ඩෙංගු  රෝගය මර්දනය කිරිමේ කටයුතු  සිදු කිරිම සඳහා  සෞඛ්‍ය  අමාත්‍යාංශයට නිසි බලධරයකු  පත් කර  තිබේ.

සෞඛ්‍ය  අමාත්‍යාංශයේ හිටපු  සෞඛ්‍ය  සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස කටයුතු  කළ වෛද්‍ය  අජිත් මෙන්ඩිස් මහතා වගකීම පැවරිමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා  පියවර ගෙන ඇත.

ඩෙංගු  උවදුර පාලනය කිරිමට අවශ්‍ය පියවර  ගැනීම හා කළමනාකරණ කටයුතු  වෛද්‍ය  අජිත් මෙන්ඩිස් මහතාට  පවරා තිබේ.