ඩෙංගු මඩින බැක්ටීරියාව ගුවනින් විදින හැටි හොයයි.


ඩෙංගු මදුරුවා බහුලව සිටින කොළඹ හා තදාසන්න පෙදෙස් වලට ඩෙංගු මර්ධන බී.ටී.අයි. බැක්ටීරියාව ගුවනින් ඉසීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කියුබාවෙන් ගෙන්වන ලද බැක්ටීරියාව සහ මෙරට නිෂ්පාදිත බැක්ටීරියාව ගුවන් හමුදාවේ සහය ඇතිව ඉසින්නට යයි. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකැර අවශ්‍ය උපකරණ සැකසීමට ද පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.