ඩෙංගු බලන්න ගිහින් මන්නා පහර කාලා


(ටී.කේ.ජී.කපිල )

ඩෙංගු මර්දන වැඩසටහනකදී නිවාස පරීක්ෂාවේ යෙදී සිටි කටුනායක පොලිසියට අනුබද්ධිත සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයකු මන්නා පිහි පහර කෑමකට ලක්ව බරපතළ තුවාල ලබා තිබේ .

ආඩිඅම්බලම කළහපිටිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් .ඒ.කේ.තිලකරත්න (48) නැමති කටුනායක පොලිසියට අනුබද්ධිතව කටයුතු කරන සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙකි.

ඔහු ඉකුත් 3 වැනි දා උදෑසන 10.30 ට පමණ කණ්ඩායමක් සමඟ නිවාස පරීක්ෂාවේ යෙදී සිටියදී , මෙසේ සිය අසල්වැසියකුගේ මන්නා පිහි පහර කෑමකට ලක්ව ඇත.