ඩෙංගු බලන්න ආ නිලධාරීන්ට ව්‍යාපාරිකයාගෙන් බාධා


(සමන් විජය බංඩාර )

හෙම්මාතගම ඩෙංගු මැඩලීමේ වැඩසටහනකට සමගාමීව ඩෙංගු බෝ වන ස්ථාන පරීක්ෂා කිරීමට ගිය රාජ්‍ය නිලධාරින්ට අද ( 06 ) ව්‍යාපාරිකයකුගෙන් බධා එල්ල විය.

හෙම්මාතගම පොලිසිය , ග‍්‍රාම නිලධාරින්, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, රාජ්‍ය නිලධාරින් සහ ත‍්‍රීරෝද රථ සංගමයේ සමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම ඩෙංගු මර්දන වැඩසටහන පැවැත්විණි.

නගර මධ්‍යයේ ඇති දෙමහල් වෙළෙඳ සංකීර්ණයක උඩු මහල පරික්ෂා කිරිමෙන් පසුව එහි ඩෙංගු කීටයන් සිටින බව නිලධාරින් හදුනා ගන්නා ලදි.
 
‍මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා දැනුවත් කළ නමුත් ව්‍යාපාරිකයා සහ නිලධාරින් අතර බහින් බස් විමක් සිදු වු අතර එහිදි එම ව්‍යාපාරිකයා පොලිසියට හා නිලධාරින්ට පවසා සිටියේ තමන්ට පමණක් ඒ වැරද්ද පටවන්නේ නැතිව කඩ කුලියට දි ඇති වෙළෙඳ ව්‍යපාරිකයන් ද දැනුවත් කරන ලෙසයි.

තම හැදුනුම්පත් අංකය හා නම ගම ලබා දිමට නොහැකි බව පවසමින් ඔහු කලබලයක් ඇති කරන ලදි.

පසුව ව්‍යාපාරිකයාට කරුණු පැහැදිලි කර ඉදිරියටත් මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් නිතීය ක‍්‍රීයාත්මක කරන බව අවවාද කෙරිණි.