ඩෙංගු පැතිරුණු බස්නාහිර ඉඩම්වලට බද්දක්


බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තව ඇති ඉඩම්වලින් 2%ක බද්දක් රජයට අය කරගැනීමට අද(10) සිට පියවර ගෙන ඇතැයි බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

සංවර්ධනය නොකර අතහැර දමා ඇති ඉඩම්වල ඩෙංගු ව්‍යාප්තිය සලකා එම ඉඩමේ විකිණුම් වටිනාකමින් 2%ක බද්දක් එසේ රජයට අය කර ගැනීමට තීරණය කර ඇතැයි අද පැවැති සාකච්ඡාවකදී මහ ඇමැතිවරයා කියා සිටියේය.