ඩෙංගු නිසා පාසල් නිල ඇඳුමේ වෙනසක්


(රංජන් කස්තුරි)

පාසල් සිසුන් ඩෙංගු උණ රෝගයෙන් බේරා ගැනීම සඳහා පාසල් නිල ඇඳුම වෙනස් කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

තාවකාලික විකල්පයක් ලෙස ඩෙංගු අවදානමක් ඇති ප්‍රදේශවල පාසල් සිසුවියන්ට ගවුමට අමතරව ශරීරය ආවරණය කරගැනීමට සුදුසු ඇඳුමක් භාවිත කිරීමටත් පහළ ශ්‍රේණිවල සිසුන්ට කොට කලිසම වෙනුවට දිග කලිසමක් ඇඳීමටත් අවසර දෙන බව ඇමැතිවරයා කීය.

ඊට අදාළ චක්‍ර ලේඛයක් ඉදිරි දින කිහිපයේ දී නිකුත් කිරීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා කියා සිටියේය.