(රේඛා තරංගනී ෆොන්සේකා)
ඩෙංගු කීටයන් බෝවන ආකාරයට මොරටුව වේල්ස් කුමර විදුහලේ පිහිනුම් තටාක වැඩබිම පවත්වාගෙන ගිය කොන්ත්‍රාත්කරුට තරයේ අවවාද කොට රුපියල් 20000ක දඩයකට යටත් කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් කනිශ්ක විජේරත්න මහතා (7) අද නියෝග කළේය.
මෙසේ දඩ නියම කෙරුණේ දිලීප කොඩිතුවක්කු නමැති කොන්ත්‍රාත්කරුවකුටය.
ශිෂ්‍යයින් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන වේල්ස් කුමර විදුහලේ දරුවන්ගේ ජීවිත වලට මෙම පිහිනුම් තටාක වැඩ බිම විශාල තර්ජනයක් වු බව මොරටුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නදීන් ජයතිලක යන මහත්වරු අධිකරණයට කරුණු දැක්වු අතර සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා ඉහත නියෝග නිකුත් කළේය.
ඩෙංගු මදුරු කීටයන් විශාල වශයෙන් පිහිනුම් තටාකයේ සිට හමුවීමත් සමග එම වැටලීමට ගිය මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ. පී .ධර්මසේන මහතා අධික ක්ලෝරින් සාන්ද්‍රණයක් පිහිනුම් තටාකයට මුදා හරිමින් කීටයන් මර්දනයට පියවර ගත් බව ද පසුව ධූමායන කටයුතුද සිදු කළ බව ද පැවසීය.
දෙමාපියන්ගෙන් ලැබුන පැමිනිල්ලකට අනුව මෙම වැටලීම සිදුකෙරිණි.

