ඩුලිප් - ප්‍රසන්න ඇතුළු 10ක් කසළ නඩුවෙන් නිදහස්


(උපාලි රණවීර)

කොළඹ නගර සභාව මගින් කිරිඳිවැල මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්ථානයට කසල රැගෙන ඒමට බාධා කළැයි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා ඇතුළු 10ක් නඩුව අවසන් කරමින් නිදහස් කර හැරීමට පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(10) තීන්දු කළාය.

නඩුවේ වගඋත්තරකරුවන්ට පනවා තිබූ දින 14ක අතුරු තහනම් නියෝගයද මේ වනවිට විසුරුවා ඇති බැවින් නඩුව තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නැති බව කී විනිසුරුවරිය එම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

ඒ අනුව නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, දොම්පේ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඩිලාන් ජයතිලක යන තිදෙනා ඇතුළු 10 දෙනකු එසේ නිදහස් කෙරිණි.