ඩුබායි මින් මැදුරේ මෝරු 400ක්
2008 වසරේ ඔක්තෝබර් 30 වැනිදා ලොව විශාලතම මින්මැදුර ලෙස නිල වශයෙන් ගිනස් වාර්තා පොතට ඇතුළු වී ඇත්තේ ඩුබායි නගරයේ මින්මැදුරයි.
බර්ජ් ඩුබායි සංකීර්ණයේ පිහිටි ලොව විශාලතම වෙළෙඳ සංකීර්ණය වන ඩුබායි මෝල් සංකීර්ණයෙහි මැද කොටසේ මේ මින් මැදුර පිහිටියේය.
මෙහි ජල ධාරිතාව ලීටර අනූ ලක්ෂයකි. ජලජ සත්තු 33000ක් මෙහි ජීවත් වෙති. ඒ අතර මෝරු 400කට වැඩි ප්‍රමාණයක් ද සිටිති.

