ඩීසල් හිඟයෙන් බහාලුම් රථත් නවතින ලකුණු


(නිමල කොඩිතුවක්කු)

ඩීසල් නොමැතිවීමෙන් අපනයන බහාලුම් රථ වලින් සියයට 90ක් අද(7) දිනයේ ධාවනය නොවූ බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.

බහාලුම් ප්‍රවාහන රථ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතත් මේ වනවිට  ධාවනය වන්නේ පන්සීයකටත්  අඩු ප්‍රමාණයක්  බවද ඔහු පැවසීය.

බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඩීසල් නිකුත් කිරීමට පිලිඟත හැකි කිසිදු වැඩපිළිවලක් ඛනිජතෙල්  සංස්ථාව සිදුකර නැතැයිද මංජුල මහතා කීවේය.

බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඩීසල් නිකුත් කිරීමට පිළිගත හැකි වැඩපිලිවලක් ඉදිරිපත් නොකරන්නේනම් බහාලුම් ප්‍රවාහන රථ සියල්ල ධාවනය ඇන හිටින තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඔහු පැවසීය.

ආනයන සහ අපනයන භාණ්ඩු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම බහාලුම් ප්‍රවාහන රථ මගින් සිදුකරන බැවින් එම සේවාවන් වලට විශාල බාධාවක් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.