ඩිජිටල් දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක් හදුන්වාදීමට යයි


(  නාලක සංජීව දහනාක)
දැනට පාවිච්චි කරන දුම්රිය ප‍්‍රවේශපත‍්‍රය වෙනුවට ඩිජිටල් දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක් හදුන්වාදීමට කටයුතු කරන බව දුම්රියසේවා රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක මහතා ලංකාදීපයට අද (6) පැවැසීය.
 
 ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම සදහන් කළේය.
 
අමාත්‍යවරයා මෙසේද කීය.
 
නව දුම්රිය ප‍්‍රවේශපත‍්‍රය අවශ්‍ය විටෙක රීලෝඞ් කරගෙන පාවිච්චි කරගත හැකි බව කී අමාත්‍යවරයා ඒ සදහා අවශ්‍ය මධ්‍යස්ථන දුමිරිය ස්ථානවල ස්ථාපිත කිරීමට කටයුතු යොදන බවද සදහන් කළේය.
 
එමෙන්ම සියලූම දුම්රිය ස්ථාන ඩිජිටල් කරණය කිරීමට කටයුතු කරන බව සදහන් කළ අමාත්‍යවරයා දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත්කිරීමට කටයුතු කරන බවද පැවැසීය.