ටෝනි ගේ‍්‍රග්ට පෙනහලූ පිළිකාවක්
එංගලන්ත කි‍්‍රකට් පිලේ හිටපු නායයකයකු මෙන්ම ජනප‍්‍රිය ක‍්‍රිකට් විස්තර විචාරකයකුද වන ටෝනි ගේ‍්‍රග් මහතා පෙනහැල්ලේ පිළිකාවකින් පෙළළෙන බව වෛද්‍යවරුන් විසින් සොයාගනු ලැබ ඇතැයි එක්සත් රාජධානියේ ඉරිදා පුවත් පතක් වන ‘ද ටෙලිග‍්‍රාෆ්’ පුවත් පත වාර්තා කරයි. කෙසේ වෙතත් ඔහුට කරනු ලබන ප‍්‍රතිකාර මොනවාද යන්න තවමත් තීරණය කර නැත.
”මගේ ජීවිතය පුරාම අසීරුවෙන් සූරා දැමිය යුතු දේවල් කිහිපයක් තිබුණා. මේකත් ඒ වගේ එකක්” යයි ටෝනි ග්‍රෙග් මහතා ද ටෙලිග‍්‍රාෆ් පුවත් පතට පවසා තිබිණ.
සැත්කමක් සඳහා ග්‍රෙග් මේ සතියේදී රෝහල් ගතවීමට සූදානමින් සිටින බවද ටෙලිග‍්‍රාෆ් පුවත් පත කියයි. පිළිකාවේ යථා ස්වභාවය හඳුනා ගැනීම සඳහා මෙම සැත්කම කිරීමට නියමිතය.

