ටෝනි ග්‍රේග්ට පිළිකාවක්


හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිකට් විස්තර විචාරක ටොනි ග්‍රෙග් (66) පෙනහළු පිළිකාවකින් පෙළෙතියි සෙයාගෙන ඇත. ඔහු ඒ සඳහා පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිතය. පසුගිය මැයි මාසයේ ඔහු ශ්වාස නාලිකා ප්‍රදාහයෙන් පෙළුණේය. ක්‍රිකට් විචාරකයකු ලෙස ශ්‍රී ලංකාවේද ජනප්‍රිය වී සිටින ග්‍රේග් පසුගිය විස්සයි විස්ස තරග විස්තර විචාරයට ශ්‍රී ලංකාවට අවුත් යළි ඕස්ට්‍රේලියාවට ගිය පසු පෙනහළු අමාරුවක් සෑදී බෙහෙත් ගැනීමට ගිය විට මේ බව සොයාගෙන ඇත.