ටෙලෝ නායක රතු එළිය දල්වයි


දෙමළ ජනයාගේ ප‍්‍රශ්නවලට ලබන වසර අවසන් වන විට රජයෙන් සතුටුදායක විසඳුමක් නොලදහොත් ගම් මට්ටමේ නව සාමාජිකයන් සංවිධානය කැර උද්ඝෝෂණ අරඹන බව ටෙලෝ හෙවත් දෙමළ ඊළාම් විමුක්ති සංවිධාන නායක සෙල්වම් අඩෙයිකලනාදන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ත‍්‍රිකුණාමලයේදී පැවැසීය. පක්‍ෂයේ මහ සමුළුව ලබන ජනවාරි 26-28 දිනයන්හි යාපනයේදී පවත්වන බවද ඔහු කියයි.