ටෙලර් හොරු දෙහිවලින් අත්අඩංගුවට


ටෙලර් කාඩ්පත්වල තොරතුරු හොරා ගැනීමේ හැකි බව කියන යන්ත්‍රයක් ද,  ව්‍යාජ කාඩ්පත් හා සිම්කාඩ් රැසක් ද රුපියල් ලක්ෂ 24 ද සමග රුමේනියා ජාතිකයන් දෙදෙනකු දෙහිවල බැංකුවේ ටෙලර් කාඩ් කුටියකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ පිරිම්න් දෙදෙනා පැය බාගයක් පමණ ටෙලර් කුටියේ රැදි සිටිම ගැන සැක සිති ඒ බව බැංකු ආරක්ෂකයා පොලිසියට දන්වා ඇත. මීට කලින් ද එවැනි සිද්ධි කිහිපයක් කොළඹින් වාර්තා විය. සැකකරුවන් රහස් පොලිසියට බාර දීමට නියමිතය.