ටී එන් ඒ ප්‍රකාශයට උසාවි ගිහින් වැඩක් නෑ


උතුරු පළාත් සභා මැතිවරණයට ඉලක්ක දෙමළ ජාතික සංවිධානයේ  ඉදිරිපත්  කරන ලද මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එරෙහිව  නඩු පවරා අධිකරණ තීන්දු ලබා ගැනීමට නොහැකි බව  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

දෙමළ ජාතික  සන්ධානය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කැර ඇති කරුණු සියල්ලම පාහේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත වන බවද  ඒ මහතා කියයි.