ටී.එන්.ඒ ප්‍රකාශනයට නඩු


මෙවර පළාත් සභා මැතිවරණයට තරඟවැදී සිටින දෙමළ ජාතික සන්ධානයේ අරමුණ ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශ හිතෛෂී ජනතා ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් දෙමළ ජාතික සන්ධානයෙහි ලේකම් මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු සිව් දෙනකු නම් කරනු ලැබ ඇත.