(තරිඳු ජයවර්ධන)
උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීයැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් කළ පැමිණිල්ල ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට යොමු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ එම පරීක්ෂණ පැවැත්වේ.
අත්පත්‍රිකාව බෙදා හැරි බව කියන ටියුෂන් ගුරුවරයා එහි සඳහන් පරිදි සත්‍ය වශයෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍රයක් විභාගය පෙර ලබා දී ඇත්දැයි සොයා බලන බව පොලිස් ප්‍රකාශකයෙක් කීවේය. එම ගුරුවරයාගෙන් ද මෙම සිද්ධිය ගැන ප්‍රශ්න කිරීමට නියමිතය.
ප්‍රශ්න පත්‍ර පිටවීයැයි කියන සිද්ධිය ගැන වැඩි විස්තර දන්නා ඕනෑම කෙනකුට පොලිසියට ගොස් විස්තර ලබා දිය හැකි බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.

