ටියුෂන් ගුරා හොරකමෙත් ගිහින්


අතුරුගිරියේ වෛද්‍යවරයකුගේ නිවසකින් 2013 දී සොරාගත් රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකතනයක්,වෙද නළාවක්  ඇතුළු භාණ්ඩ රැසක් සමඟ ගාල්ලේ රත්ගම පෞද්ගලික පන්ති ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය කියයි.

අනුරාධපුරයේ කතා කරන ඉංග්‍රිසී පන්ති කරද්දී විෂමාචාර ක්‍රියාවකට සම්බන්ධ වු බව කියන මොහු රැකියාව නැතිව අතුරුගිරියට පැමිණ නිවෙස් හතරක් බිඳ ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.

ගාල්ල හා කුරූණෑගල ද පන්ති කරන බව කියන මෙම  ගුරුවරයාගේ  දුරකතනයේ  අසභ්‍ය දර්ශන තිබු බවද පොලීසිය කියයි.