ටිකට් සොරාගත් බව සුද්දා පිළිගනී
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ කුරුඳුවත්ත ක්‍රිකට් කාර්යාලයයෙන් රුපියල් දහදහස් නවසිය විස්සක් වටිනා ටිකට් පත් සොරකම් කළැයි වරද පිළිගත් බ්‍රිතාන්‍ය ජාතික බුලර් පිසාරෝ ඇන්ටෝනියෝ රුපියල් දස ලක්ෂයක ශරීර ඇපමත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. ලබන බ්‍රහස්පතින් අධිකරණයේ පෙනි සිටින ලෙස ද නියෝග කැරිණි. මේ අතර කොළඹ හෝටලයකදී නවසීලන්ත හා එංගලන්ත ක්‍රිකට් පිල් දෙකේ සාමාජිකයන් කීපදෙනකු අතර පැවැති ගැටුමකින් පසුව අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන දෙදෙනකු අද මුදාහල බව පොලිසිය කියයි. සිද්ධිය සමථයකට පත්වීම ඊට හේතුවයි.

