ටැමඩොල් පෙති 370 ක් සමඟ කතක් අත්අඩංගුවට



(ජුඩ් සමන්ත)

ටැමඩෝල් පෙති 370 ක් අඩංගු පැකට් 4 ක් ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි කාන්තාවක් සහ එම ත්‍රී රෝද රථයේ රියදුරුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන හලාවත පොලීසියට බාර දී ඇත.
ඇය ගනේමුල්ල - බොල්ලත පදිංචි 64 හැවිරිදි තැනැත්තියකි. ඇය සමඟ අත්අඩංගුවට ගෙන ඇති ත්‍රී රෝද රථ රියදුරා දකුණු බටගම - කදාන පදිංචිකරුවෙකි.